මේ සතියේ සඳුදා පැවති මහ මැතිවරණයෙන් 196 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ජාතික ලැයිස්තුවෙන් තෝරාපත්කර ගත යුතු ඉතිරි 29 දෙනා, එක් එක් පක්ෂවලට බෙදී ගියේ එජාපයට ජාතික ලැයිස්තුවෙන් 13ක් ද, එජනිසයට 12ක් ද, දෙමළ ජාතික සන්ධානයට හා ජවිපෙට 2 බැගින් ද වශයෙනි.
වාරණයක් හෝ සීමා පැනවීමක් නොතිබුණත්, මේ ජාතික ලැයිස්තුව තිබෙන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වී ජනතාව ප්‍රතිකේෂ කළවුන් යළි කැන්දන් ඒමට නොවේ. විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ට-වෘත්තිකයන්ට තරඟයට ඉදිරිපත් නොකර ඍජුවම අවස්ථාව ලබා දීමටය. ඒ අතරට, තමන්ගේ පක්ෂයෙන් තරඟයට ඉදිරිපත් නොකර ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කිරීමට නියම කර ගත් අය සිටිය ද ගැටලුවක් නැත. එහෙත්, ජනතාව ප්‍රතික්ෂේප කරපු පරාජිතයන් යළි ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම මැතිවරණයක මුඛ්‍ය පරමාර්ථයට කොතරම් ගැළපෙනවා ද කියන එක අප නොව ඒ ඒ පක්ෂ නායකයන් සිතා බැලුවොත් ඉතා වටින්නේය.
ඒ අතින්, එජාප නායකයා නම් තම පක්ෂයේ පරාජිතයන්ට ජාතික ලැයිස්තුව හරහා යළි අවස්ථාව නොදීමෙන් සිය ආදර්ශසම්පන්නබව පෙන්නා ඇත. මේ ප්‍රශංසාවේ මල්මිට ඔහුටය.
![]() |
Bunch Of Flowers For UNP |
එහෙත්, යුක්තියේ දෙවඟනටත් වඩා යුක්තිය -සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පෙන්වන- මෛත්‍රියේ ප්‍රතිමූර්තිය වන් අය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීන් පත් කරන ආකාරය නම් හරිම අපූරුය.
උඩ බලාගෙන කෙළ ගසා ගත්තා නම් ඊට හොඳය. එජනිස සභාපති වත්මන් ජනපතිගේ ජාතික ලැයිස්තු පත් කිරිල්ල බලන විට මැතිවරණයක් නොතිබ්බා නම් වඩා අගනේ යැයි සිතේ. පරාජිත ඇස් බී, තිලංග, විජිතමුණි, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා යළි පිටපාරෙන් දියවන්නාවේය. ඒ අනුව, එජනිස ජාතික ලැයිස්තුව පජාත ලැයිස්තුවක් බවට පත් කර තිබේ.

රටට විශේෂයෙන්ම දේශපාලනඥයන්ට ආදර්ශ සපයන ජවිපෙ ද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු පත් කිරීමේදී (ජවිපෙන් මාතරට තරඟ කර පරාද වූ සුනිල් හඳුන්නෙත්ති පත් කිරීම), මෙවර එජාපය ආදර්ශයට ගනිමින් කටයුතු කළා නම් ඔවුන් වටා ගොඩනැගෙන වටිනාකම කියලා වැඩක් නැතිය.
No comments:
Post a Comment